Monday, January 13, 2020

ලෙන අතහැර යාම (විචාරය)

දරුවන්ගේ සුබ සිද්ධිය තකා ක්‍රියා කරන මවකගේ චරිතය සුප්පා දේවියගෙන් දසංකේතවත් වෙයි. පාඩම ඇසුරෙන් නිදසුන් සහිතව විමසන්න.

               එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ සිංහබාහු නාට්‍යෙයන් උපුටා ගන්නා ලද කොටසක් ලෙන අතහැර යාම පාඩම තුළින් අපට ඉදිරිපත් කර ඇත.සිංහබාහු තම මව සහ නැගණිය සමඟ උරුමය සොයාගෙන ලෙන අතහැර යාම මෙම කොටසෙන් නිරෑපණය කෙරේ. සුප්පා දේවිය රජ සැප අතහැර ගල් ලෙනෙහි ජීවත් වන්නේ තම ස්වාමියාගේ සෙනෙහෙබර බිරිඳ ලෙසිනි.දරුවන් දෙදෙනෙකු ලබන සුප්පා දේවිය මවක්,බිරිඳක් ලෙස ඉතා සතුටින් කල් ගෙවයි.එහෙත් තම දරුවන් තරුණ වියට පත්වන්ම තම පුතු ඇයගෙන් අසන ප්‍රශ්න හමුවේ අසරණ වේ.අවසානයේ තම දරුවන්ට සැබෑ තතු හෙළිකිරීමට සිතන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතන මවක් ලෙසිනි.
     
                   "නෙකවර පුතු විසිනා 
                    අසන ලද පැන නිසා
                    සුප්පා දේවි      මනා
                    ඇතිවී සිත  වෙහෙසා      
                    සිදු වූ පුවත අනාවරණය කරන ලෙසා
                    දෙදෙනා කැදවාගෙන කීවා තතු මෙලෙසා"
        
               තමාගේ ස්වාමියාට තිබෙන ආදරය නිසා රජ සැප හැර දමා ගල්  ලෙනක ජීවත්වන බව දරුවන්ට පවසා සිටී.මේ බව ඇසූ සිංහබාහු ඉතා ආවේගකර තත්වයකට පත්වී පියා හැරදා යාමට උත්සුක වෙයි.මේ තත්වය හමුවේ තමාගේ ස්වාමියා හැරදමා යාස්‍මට සුප්පා දේවිය අකමැත්ත ප්‍රකාශ කරයි.

                   "ඔබ පියා හැර දමා යා හැකිද මේ ලෙනෙන්
                    අප නැතිව පියා ඔබ ළය පැළී මැරී       යයි"
  
             තම ස්වාමියාට ඇති ලෙන්ගතුකම මේ තුළින් පැහැදිලි වේ.සුප්පා දේවි සහ සිංහ සීවලී කොතෙක් අකමැති වූවත් සිංහබාහු තමාගේ අභිමතය ඉෂ්ට කරගැනීමට ආවේගශීලී මානසිකත්වයෙන් කටයුතු කරයි.මේ තත්වය හමුවේ අසරණ වන සුප්පා දේවිය දරුවන්ගේ යහපත වෙනුවෙන් තමාගේ ස්වාමියා හැරදමා යාමට තම සිත හදාගනී.තම ස්වාමියවාගේ අණ නොතකා කටයුතු කිරීමෙන් සිදුවන්නට යන විනාශය හමුවේ මං මුලාවන සුප්පා දේවිය අවසානයේ ලෙන හැර යාමට තීරණය කරයි.

                  "දරුවන් සන්දා කරනෙම්      මෙබන්දා
                   සිහිවේ හැමකල් හද   ශෝකෙන්"

               ඇය මහත් වේදනාවටත් ,කම්පාවටත් පත්වන්නීය.ඇය දරුවන්ට හා සැමියාට නොවෙනස්න ප්‍රේම කළාය.අවසානයේ තම දරුවන්ගේ යහපත අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තම සෙනෙමෙබර ස්වාමියා අතහැර යාමට ඇය තීරණය කළාය.කතුවරයා මෙම කොටස තුළ සුප්පා දේවිය සම්ප්‍රදායික කාන්තාවක ,මවක, බිරිදක ලෙස අපට පෙන්වා දෙයි.මෙම කරුණු තුළින් සුප්පා දේවිය තම දරුවන්ට සෙනෙහෙබර මවක් මෙන්ම දරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන මවක් ලෙස අපට හදුනාගත හැකිය.   

ගංගාවේ සංගීතය (විචාරය)

කවියා අජීව පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් තම පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය පහදන්න

                 එච්.එම් .කුඩලිගම මහති විසින් රචිත ගංගාවේ සංගීතය පැදිපෙළ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වූවකි.ගඟ සම්බන්ධව පද්‍යය පහළොවකින් සමන්විතව රචනා කර ඇති මෙම පද්‍යය පන්තිය තුළින් සොබාදහමත් කවියාත් අතර සබඳතාව ප්‍රේමයෙන් බැදෙන ස්ත්‍රී පුරුෂ විලාසයක් ආරෝපණය කර ඇත.සොබාදහම් මාතාවගේ අපූර්ව නිර්මාණයක් වන ගංගාවට සජීවී බවක් ආරෝපණය කිරීමට කවියා සමත්ව ඇත.

                  "සැඟවෙමි-එබෙමි නිසසල වෙමි සසල     වෙමි                                         ඇඹරෙමි -එමෙත් පසු නොබසිමි           නොනවතිමි                               කවදා කොතැනදි හෝ මහ මුහුද                          හිමි                               හමුවුණ කෙනෙහි මා සතු බර ඔහුට                     දෙමි" 
                 සමහර නියං සමයන්හීදී ගංඟාවක දිය අඩුවීමෙන් පසු දිස්වන්නේ කුඩා දිය පහරක් විලසිනි.එමෙන්ම ගල් පර්වත අස්සෙන් ගංගාව රිංගා ගලා බසී. කවියා සැගවෙමියි පැවසූයේ එහෙයිනි.ගල් පර රහිත තැනිතලාවෙන් ගලන කළ දිය දහර නිසසලය.තරමක් පහලට ගලායන කල සසලය. වක්කව ගලතා විට ඇබරෙමි ලෙස සදහන් කරයි.මෙම වචන පෙළ තුළින් ශබ්ද රසයක් ඇති කිරීමට සමත්ව ඇත.දහසක් බාධක මැඩගෙන ගංගාව නැමැති ස්ත්‍රිය ඇගේ සැමියා සොයා යන්නීය.තම සැමියා හමුවූ විට ඈ සතු ජීවන බර ඔහුට දී නිදහස් වීම පිණිසය. ගඟ සහ මුහුද ,මානව සමාජයේ බිරිඳ හා සැමියාට ආරෝපණය කර එයට සජීවී බවක් ලබාදීමට කවියා උත්සාහ කර ඇත.
                    "එන්නේ කොහි සිටද කොතැනකටද                 යන්නේ                           ඔබ කුමකටද මා දුටු තැන                           විමසන්නේ                           මිනිසුන් ගිහින් නිතරම ආපසු                           එන්නේ                           කිම දැයි කියා කිසිවකු ඇයි                නොසොයන්නේ"                        ගගක් දුටු තැන එන්නේ කොහි සිටද ? යන්නේ කොහාටද යන ප්‍රශ්න කාටත් පොදුවූ ප්‍රහ්නය මේ ප්‍රශ්නවලට පිළිතුරු දී එපා වී ඇති බවක් ඊළග කවි පද දෙකෙන් අපිට පෙනේ.මිනිසුන් ගිහින් ආපසු එන්නේ කොහිසිටද යන්න සොයා බලන්නේ නැද්ද ? යන ප්‍රශ්නය ඇය අපගෙන් විමසා සිටී. අනුන්ගැන නොසොයා තමන් ගැන සොයා බලන්න යන පණිවිඩය අපට ලබාදෙයි.මේ තුළින් ද ගඟට සජීවී බවක් ආරෝපනය කර ඇත.
                     "මී අඹ -කිරල මාදම්  ගෙඩි ළදරු            වියේ                                          ඇකයෙහි  හෙලා හඩවයි සැඩ සුළග      රැයේ                                          සුළි මැද කැරකෙමින් ඉදුනිල් ගැඹුරු      දියේ                                          සමහර තැනක ලස්සන මල් කැකුළු        තියේ "
                   රාත්‍රිෙය් හමන සැඩ සුළගින් මී අඹ -කිරල - මාදම් ගෙඩි පොකුරුවලින් ගිලිහී ළදරු වියේදීම බිමට පතිත වේ. "ළදරු වියේ"යන යෙදුම අප භාවිතා කරන්නේ ජීවී වස්තූනිට පමණි.ගංඟාව නමැති කාන්තාවගේ උකුලට වැටෙන මේ ගෙඩි හඩා වැටෙන බව කවියා පවසයි.කවියා අජීවී ලෝකය පුරා ජීවය වපුරා ඇති ආකාරය ඉතා විශිෂ්ඨය.