Thursday, August 29, 2019

හානා හීය පානා අඩහැරෙන්දැනේ (විචාරය)

උදාහරණ ගෙන හැර පාමින් අපූරු ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න.

අපූරු ආකාරයට උපදේශ ලබාදීමට ඇති හැකියාව හානා හීය අධ්‍යනය කිරීමෙන්ය පෙනේ.නොවියත් හුදී ජනයා නොයෙක් අත්දැකීම් ඇසුරෙන් රම අත්දැකීම් තුළින් හරවත් ඔවදන් රැසක් ලබාදීමට සමත් වී ඇත. මෙම පද්‍ය එක් පිරිසකට එක් කාලයකට වෙන්කොට දැක්විය නොහැක. පොදු මහත් සමාජයටම වැදගත් උපදේශ රාශියක් ලබාදී ඇත.
                  “ගසට කෙටුම ගස මුල පෑයුමෙන්      දැනේ
                    මිනිහා නොමිනිහා යන කඩිසරෙන්  දැනේ
                    අමුතු බත් දීම අත ඇල්ලුමෙන්         දැනේ
                    හානාහීය පානා අඩහැරෙන්              දැනේ
              මෙම පදය පන්තියෙන් එක් උපදේශයක් නොව උපදෙස් මාලාවක් ලබාදෙයි.අතීතයේ දී ගසක් කපන විට එම ගස වටේ සුදුධ පවිත්‍ර කර ගත යුතුය.නැතිනම් පොරොව ඔසවා ගසට කොටන විට අවට ඇති ගස්වල පැටලී එය ආපසු කැරකී තමාගේ ඇගේ වැදෙනු ඇත.ඒ පිළිබද පළමු පද පේළියෙන් පැහැදිලි වේ.ඒ අනුව යම් වැඩක් කරන විට එයට සූදානම් වීමෙන් එම පුද්ගලයා පිළිබද දැනගත හැකි බව ජන කවියා පවසා ඇත.
              යමෙක් ගමන් කරන විලාශයෙන් ඔහුගේ සමාජ තත්වය තේරුම් ගත හැකි බව ජන කවියා සමාජයට මේ පද්‍ය පන්තිය තුළින් මනා උපදේශයක් ලබි දී ඇත.යමෙක් නිවසට පැමිණි විට ආහාර දීමට අකමැති නම් අමුත්තාගේ වැලමිටෙන් අල්ලා කෑමට අඩ ගසයි.ඒ තුළින් අකමැති බව වටහා ගෙන ඒ අනුව ක්‍රියා කළ හැක. 
              ගොවිතැන් කරන ගොවියා තම වෙහෙස නිවා ගැනීමට තාලයට අඩහැර පායි. නමුදු ආධුනික ගොවියාට හැක්කේ ගවයාම තැලීම පමණි. අඩහැරයක හඩ කුඹුරකින් ඇසේ නම් පළපුරුදු ගොවියන් සීසාන බව වටහා ගත හැකිය.
              “නහින දෙහින කාලෙට පින් කෙරුම   යුත 
                වහින කලට කූරින් විල් වලින්            එත
                බහින දියෙන් දෝතක් මුත් ගතොත්   ඇත 
                පනින රිලවුන්ට ඉනිමං කමක්           නැත
                                                                                                                         බුදු දහමට අනුව වයස්ගත වීමත් සමග සන්සුන් දිවි පැවැත්මත් ගත කළ යුතුයයන අවවාදය මේ පද්‍ය පන්තිය තුළින් ලබාදේ.අධි වැසි කාලයට ජලාශ උතුරා යද්දී මාළුවන් විල්වලින් එළියට විත් තෙත් බිම් කරා ගමන් කරනවිට ඔවුන් විවිධ කරදරවලට මුහුණ පායි.මෙය බාල පරපුරට දුන් අවවාදයකි.බැස යන දියෙන් ප්‍රයෝජන නොගෙන මුහුදට ගලා යාම වළක්වා එම දියෙන් දෝතක් මුත් ගෙන ප්‍රෙයා්ජනයට ගන්නා පණිවුඩය ලබාදෙයි.
            මෙවන් උපදේශ රාශියක් මෙම පද්‍ය පන්තිය තුළින් අපට ලබාගත හැක.

Sunday, August 18, 2019

ගුත්තිල වෙණ නද (විචාරය)

අවස්ථානුකූලව විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් කිරීමට උපයෝගී වූ ආකාරය පැහැදිලි කරන්න

     කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය පද්‍ය 511 කින් සමන්විතවේ.වෑත්තෑවේ හිමියන්ගේ ගුරුවරයා වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය.වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය රචනා කොට තම ගුරුවරයාට යැවීය.

 එහි විරිත පිළි්බදව විස්තර කළහොත්
      
            ගුත්තිල වෙණ නද පාඩමට අදාළ පද්‍ය 1සිට 13 දක්වා කෙටිපද ආකෘතියට රචනා කර ඇත. මෙම පද්‍යවල පාද හතරෙහි මාත්‍රා ගණන අසමාන වේ. සදැස් කවි වල මෙන් මාත්‍රා ගණන අසමාන වේ.එම අසමාන වන පාද සහිත ගී හදුන්වන්නේ ගී කාව්‍යය යන නමිනි.
               “ගුත්තිල ඇදුරු                      සද
                වීණා වයන ලෙස                  හිද 
                පසෙක පනවන                     ලද
                සුදුසු අස්නෙක ගොසින් උන්    සද
           වෑත්තෑවේ හිමි ද අවස්ථානුකූලව ගැළපෙන ලෙස ගුත්තිලහා මූසිලගේ තරගය පිළිබද විස්තර කිරීමට ගී විරිත භාවිතා කර ඇති බව අපට වටහා ගත හැක.
              “කන්කලු වෙණ නද ඇසුමෙහි     ලොබිනේ
               රන් රසු දැල් කොල්හල වන        බියෙනේ 
               සන්සල  නොව එහි පිළිරූ           ලෙසිනේ
               නන් හය සෙන් සිටියෝ සිටි          මතිනේ  
          14 සිට 32 දක්වා පද්‍ය වෙනත් විරිතකින් රචනා කර ඇත. මෙම විරිත පෙද විරිත නමින් හදුන්වයි. ගුත්තිල ඇදුරු තුමාගේ වීණා නාදයෙන් නැංවෙන කර්ණ රසායනයට බාධා නොකර එයම අස අසා සිටීමට ආශාවෙන් ඊට  බාධා වෙවී,ගෙජ්ජි සෙලවේ යැයි බියෙන් අශ්වයන් යම්තම් වත් නොසෙල්වී සිටිති. 
               “රූ රැසේ අදිනා ලෙසේ අත්
                                     ලෙල දිදී විදුලිය පබා 
                රන්රසේ එක්වන ලෙසේ වෙණ 
                                        නාදනූ පා තබ තබා
               කම්පසේ දෙන සැර ලෙසේ දෙස 
                                 බල බලා නෙතගින් සබා
              මම් කෙසේ පවසම් එසේ වර 
                                සුර ලදුන් දුන් රග සොබා 

                  රූප රාශියක් අදිනා ලෙස විදුලිය ප්‍රබාවන් ඇති කරමින් අත් ලෙළ දි රන් හා රසදිය එක්වන්නා මෙන් වීණා නාදයට පා තබමින් ,අනංගයා මල් හීය විදින්නාක් මෙන් නෙතගින් බල බලා ඒ ආකාරයට උත්තම සුරංගනාවන් දුන්නාවූ රංගනයේ ස්වභාවය මං කෙසේ පවසම්ද යනුවෙන් කවියා පවසා ඇත.පෙර පැවති විරිතට වඩා මෙය වෙනස්ය. මෙම විරිත නූපන් සද නම් විරිතයි.වෑත්තෑවේ හිමි යම් අවස්ථාවල ජාතක කතාවලින් ඔබ්බට යමින් උපමා අලංකාර භාවිතා කරේ විරිත රැක ගැනීමේ අරමුණෙනි.
          ඉහත ආකාරයට ගුත්තිල කාව්‍යය කතුවරයා අවස්ථාවට ගැළපෙන ලසෙ විරිත වෙනස් කිරීමේ ප්‍රතිභාව අපට මනාව හදුනාගත හැකිය.
             
            

සතර කන‍් මන්ත්‍රණය(විචාරය)

මහෟ‍ෙෂධ පණ්ඩිතයන්ග‍ේ‍ උපාය කෟ‍ෙශල්‍යය හ‍ේ‍තුවෙන් ව‍‍ෙ‍ද‍ේහ රාජ්‍යය ආරක්ෂා වූ ආකාරය ...


         


     උම්මග්ග ජාතකය‍ේ ප්‍රධාන චරිතය හ‍ෙවත් වීර චරිතය මහෟ‍ෙෂධ නමැති ‍බ‍ෝසත්තුමාය.ව‍ෙදේහ රාජ්‍යය‍‍ෙහි පිටිසර ගමක ගා‍ෙවි සිටු පවුලක උපන් ‍හ‍ෙතෙම සිය බුද්ධිය‍ේ තරම ප‍ෙන‍්වන්නට පටන්ගන්නා විට වයස අවුරුදු හතක ඔහුග‍ේ උපතත් සමග ම අනාගතය‍ේ ඔහුට අවශ්‍ය සහය පිණිස තවත් දහයක් ද‍‍ෙනා උපත ලැබීය.
         බාල ළමා විය‍ෙදිම නිරැපිත බුද්ධිමත් භාවය ඇසු දුටු එරට රජු මහෟ‍ෙෂධට දරැ ස‍ෙන‍ෙහසින් සැලකුම් දැක්වීය.නා‍‍ෙමෙරැ තරුණ විය‍ෙදිම ඔහු විසදු ත‍ේරවිලි ආකාර වු ප්‍රශ්න  19ක් ගැන කියැව‍ෙයි.අවසානය‍ේ  වෙද‍ේහ රජු මහෟ‍ෙෂධ ‍බෝසතුනට අන‍ෙක් උපද‍ේශකයන්ග‍ෙ විරා්‍ෙධතා නා‍ෙතකා ප්‍රධාන රාජ්‍යය උපද‍ේශක තනතුරට පත් කරයි.මහෟ‍ෙෂධ එතැන් සිට නගර අලුත්වැඩියාව,නගර ආරක්ෂාව,රාජ්‍ය ආරක්ෂාව රජුටත් රටටත් මැනවින් ලබා ද‍ෙමින් ක්‍රියා කළ‍ේය. 
        ම‍ෙ අතර උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජු ඔහුග‍ෙ ක‍ෙවට්ට නම් පුරා්හෙිතග‍ෙ  උපදසේ මත දඹදිව එක් සියයක් රාජ්‍යය ආක්‍රමණය කොට ඒවා පහසුවෙන්ම යටත් කොට අධිරාජ්‍යයක් තනා ගනී.ඉතිරි වූයේ මහෞෂධයන්ගේ රට පමණි. ඒ වේදේහ රජුට නොව මහෞෂධගේ බුද්ධියට බියෙනි. මෙම බුද්ධියට හා ප්‍රඥා මහිමයට බිය පත්වන කේවට්ට ,චූලනී රජු මියුලු නුවර වටලෑම වළක්වන්නේ මෙසේ කියමිනි.
            “දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන් සිටින නුවර ගන්නට නොපොහොසතුම්හ.ඒ පණ්ඩිත වනාහි මෙබදු නුවණ ඇත්තාහ. 
         යනුවෙන් මහෟ‍ෙෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞෂල්‍යය ගැන කේවට්ට වර්ණනා කළේය.මේ වැකිය තුළින් පැහැදිලි වන්නේ කේවට්ට පවා මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥාව හමුවේ බියට පත්වූ බවයි. 
         තම රාජධානියත් ,රටත් බේරා ගැනීමට කටයුතු සූදානම් තරන්නේ බෝහෝ  කලකට පෙරය.ඔහු යෙදූ පළමු උපක්‍රමය වන්නේ තමාගේ චර පුුරුෂයන් හා යෝධයන් බ්‍රහ්මදත්ත රජුගේ සේනාවට එකතු කිරීමයි. ඔවුන් සපයන ‍තොරතුරු මත තම රාජ්‍යය‍ෙ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු සැලසුම් කරයි. එහිදී මියුලු නුවර වටලා සිටින සේනාව අන්ද මන්ද කරවන පළමු සැළැස්ම ක්‍රියාවට නැංවීය. එනම් , නගරයෙහි අණ බෙර ගසා‍ විශාල සාදයක් පවත්වන ලෙස උපදෙස් දීම.
          “පින්වත්නි,තෙපි හැම සතුරෝ වටලා ගත්හයි නොසිතා වස්ත්‍රාභරණයෙන් සැරසී උත්සව පටන් ගනුව.   
        තම රජුගේ බිය පළමුවෙන්ම පහ කොට ,දෙවනුව නුවරවාසීන්ගේ බිය පහකර එයට ප්‍රීතිය සොම්නස ඇතුළත් කිරීම මෙහි අරමුණක් විය. නුවර වැසියන් වසර 07 සිටම මොහුගේ නුවණ දන්නා බැවින් ඔහු කී ලෙසම කළහ. 
         තවද මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය මනාව ඉස්මතු වන්නේ ,මියුලු නුවර වටලා සිටින සේනාව තුළ සිටින කේවට්ටයා තමාගේ පළමු  යුද්ධ උපාය භාවිතා  කිරීමේදි නුවරට ජලය නැවතීමට ගත් බුද්ධිමත් තීරණය හමුවේ බුද්ධියෙන්ම පිළිතුරු ලබා දීමයි. 
         “මහරජ පැන්නම් පිටතින්ම වන්නේය. කීප දවසක් පැන් නවතාලන්නා පැන් බනොලදත් ප්‍රාන්ත වූවාහු දොර හැර පියන්නාහ.
        මෙම තොරතුරු ලද සැනින් මහෞෂධ ඊට උපාය කෞෂල්‍යය භාවිතා කර හිමාලයෙන් ගෙන්වන ලද ඕලු ඇට හිටුවා මීටර 30ක් දිග ඕලු දණ්ඩ මලක් වවා තම චර පුරුෂයන් අත යවන්නේ නුවර  ඇතුල පිහිටි ජලය පෙන්වීමට පමණක් නොව නුවර තුළ ඇති ජල තටාකවල විශාලත්වය පෙන්වීමටයි.
       යථෝක්ත අයුරින් මහෞෂධ පඩිතුමාගේ උපාය කෞෂල්‍යය හේතුවෙන් වේදේහ රජුගේ රාජ්‍යය ආරක්ෂා කරගත් ආකාරය මෙම කතාව පුරාවට මනාව පැහැදිලි කර ඇත.