Friday, November 8, 2019

මුනි සිරිපා සිඹිමින්නේ (විචාරය)

"චරිත සංවර්ධනයට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් මෙම නිර්මාණයේදී අපට හමුවේ."මෙම කියමන සාකච්ඡා තරන්න.


                     යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවට පැමිණි එස්. මහින්ද හිමි ජාතික මෙහෙය  ඉටු කිරීමට තම පෑන මෙහෙයවයි.පරාධීනත්වයේ නපුර හා එහි විපාක මතු කිරීමට උන්වහන්සේ තුළ වූ ප්‍රතිභාව මෙම පද්‍යය පන්තිය තුළින් අපට හදුනාගත හැකිය.
               "කරදර දහසක් හමු           වී
                 ඉන්ටැකි නම් සිනා     වෙවී
                 ඔහු මෙලොවට පහළ  දෙවි
                 රජෙකැයි සලකනු    මැනවි"
            මෙම කවි පන්තියේ අන්තර්ගතය වන්නේ කෙතරම් කටුක බාධක තමන් වෙත පැමිණියත් එයින් කම්පා නොවී සැහැල්ලුවෙන් සිටිය හැකි නම් එය ඉතා අගනා බවයි.එවැනි ශක්තියක් ලැබීම මෙලොවම දේවත්වයක් ලැබීමක් වැනි බව කවියා පවසයි.දරුවා සමාජ ගත වීමේදී මානව ශක්තියක් අවධාරණය කිරීම  කවියාගේ අරමුණයි.බාල දරුවාගේ සමාජානුයෝජන කුසලතාව ඇති කිරීමයි.
                 "කාටත් හිමි පොදු දේ             නම් 
                   නැති බැරි හිග              අවහිරකම්
                   මේ දේ මැඩගෙන             දස්කම්
                   පෑම තමයි සුරු                විරුකම්"
            සියලු මිනිසුන් කරා පැමිණෙන පොදු වූ ධර්මතාවයක් ලෙස නැති -බැරිකම් ,අග-හිගකම් ,අවහිර බාධාවන් හදුනාගත හැකිය.ඒවා විවිධ වූ ස්වරූපයෙන් බාධා එල්ල කරයි. මේවාට මුහුණ දිමට ඇති ශක්තිය අප තුල වර්ධනය කරගත යුතුය. එම බාධාවන් මැඩගෙන යහපත සොයා යන්නට හැකිනම් එය පුද්ගල පෞරුෂයේ ඇති සමත්කමයි. මෙම බාධක මැඩගෙන ඉදිරියට යා හැකි පුද්ගලයා සූරවීරයෙක් බව කියමින් චරිත සංවර්ධනයට මග පාදයි.
                     "මිතුරුකමින් පෙරට      එතොත් 
                       දූවිල්ලක් එක්ක              වුණත්
                       මිතුරු වෙයන් පුතේ         උඹත්
                       එයයි ලොවේ ගුනය          මහත්"
              සතුරා වුවද මිත්‍රත්වයේ දෑත් දිගු කොට මිත්‍රත්වය අපේක්ෂා කරන්නේ නම් ඔහු පලවාහරින්න එපා යන පණිවුඩය ලබාදෙයි. දූවිල්ල යන වචනය තුළින් කවිය එය නිරන්තර බැහැර කරන දෙයක් නිසා භාවිත කර ඇති බව පෙනේ. "මිතුරු වෙයන් පුතේ" යන බැතෑපත් ආයාචනයක් ලෙස කවියා ඉදිරිපත්ු කර ඇත.එය දේශයේ අවශ්‍යතාවයට අනුව සිදුවිය යුත්තකි. එමෙන්ම එය දරුවාතේ පෞරුෂත්වයට අවශ්‍ය දෙයකි. 
             මේ ආකාරයට පුද්ගල චරිත සංවර්ධනය කිරීමට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන ප්‍රතිභාපූර්ණ කවියෙක් අපට මෙම පද්‍ය පන්තිය තුළින් හමුවේ. 

             
              


Tuesday, September 3, 2019

බැද්දේගම (විචාරය)

අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවා.යැයි නැංචෝ හාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ අයුරු උදාහරණ දෙමින් පැහැදිලි කරන්න.

සාහිත්‍යය විෂය තුළ නවකතාව සැලකෙන්නේ ගද්‍ය කාව්‍ය විශේෂයක් ලෙසිනි. එබැවින් පාඨකයා චමත්කාරයට හා ආනන්දයට පත් කරවා අවසානයේ පාඨකයාට යම් ප්‍රඥාවක් ලබා දීමේ පරමාර්ථය නවකතාකරු තුළ පවතී. නවකතාව හුදු කල්පිතයක් වූවද රචනා වූවාට පසු අපට පෙනෙන්නේ සත්‍යයක් ලෙසිනි.නවකතාකරු නවකතාව තුළ චරිත, සංවාද, සිද්ධි තුළින් පාඨක සිත්හි යම් චිත්‍රනයක් මැවීමට සමත්ය.
              බැද්දේගම නවකතාව පිළිබද අධ්‍යයනය කිරීමේදී නවකතාකරු බැද්දේගම ගමට උදාවූ ඛේදවාචකය විස්තර කිරීමේදී එහි ඇති චරිත තුළින් පාඨක සිත්හි යම් කතාන්දරයක් මවා පෑමට සමත් වී ඇත. නැංචෝ හාමි මෙම කතාව තුළ ආරච්චිගේ බිරිද ලෙස හදුනාගනී. ඇය පැවසූ මෙම ප්‍රකාශය සත්‍ය බවත් ගම විනාශය කරා ළගාවෙන බවත් නොයෙක් විට පාඨකයාට දැනවීමට නවකතාකරු උක්සාහ කර ඇත. උදාහරණ ලෙස ,
    "  එය කුඩා ගමකි,ක්‍රමයෙන් පිරීහි ගොස් අවටින් තෙරපා ගෙන එන මහ බැද්දට බත් වී යන වනගත කුඩා ගම් වලින් එකකි. එක පහරකට එක දවසකින් එක දවසකින් එහි තිබූ ගෙවල් 6න් එකක් නැතිවිය. විසිපස් දෙනෙක් වූ පිරිසෙන් හත්දෙනෙක් නැතිවූහ. "   යන්න ගත හැකිය. 
              සිලිදුගේ අතින් ප්‍රනාන්දු මුදලාලිත් ආරච්චිලත් මරණයට පත් වී ඇත.එම නඩුව අවසන් වී මසක් පමණ ගතවී  ඇත. මැරුණු පිරිස නැසත පැමිණෙන්නේ නැත.සිලිදු ද නැවත පැමිණෙන්නේ නැත.සති කිහිපයකින් පසු ප්‍රනාන්දුගේ හා ආරච්චිගේ නිවස පාළුවට ගොස් ඇත. දැනට ඉතිරිවඇත්තේ ගෙවල් හයෙන් පහකි. මින්සුන් 25න් 16කි. බැද්දේගම ගමට කණකොකා හැඩුවා බදු විය. ටිකෙන් ටික නැංචොහාමිගේ ප්‍රකාශය සත්‍ය වන බව මේතුළින් පැහැදිලි වේ.
          “ආරච්චිගේ ගෙය කැලයට යාම කැලය ගම මැදට කඩා පැනීමක් මෙන් විය. ටිකෙන් ටික ගමට හාත්පසින්ම ගම කුඩා වීම පමණක් මින් පෙර සිදුවිය. එහෙත් ආරච්චිගේ ගෙදරට කැලය කඩා වැදීමෙන් වූයේ ගම දෙකට බෙදීයාමයි.
              ගම මැදට කැලය කඩා පැනීම ගමේ විනාශය කඩිනම් වීමට සංකේතයක් බදු විය.ආරච්චිගේ ඉඩමද ගෙයද යට කරගෙන කඩා පැන්න වනය සිලිදුගේ ගෙයත් තවත් එක් ගෙයකුත් ගමෙන් වෙන් කරයි. මෙසේ ගම  බෙදී යාම දැකීමෙන් පුංචි මැණිකාට ද නැංචෝහාමිගේ කියමන සත්‍ය බව වැටහී යයි. 
             ගමේ භාරකරුගේ වියෝවම ගම දෙදරා යාමට හේතු විය. ගමේම තිබු හොදම ගෙය මෙලෙස කැළයට යාම හා එහි ඇතිවූ ශබ්ද හා ගම්මු අතර පැවතුණු කටකතා හේතුවෙන් ගමේ ජීවත් වූ මිනිසුන් ගෙය අසලකටවත් ගියේ නැත. ආරච්චිගේ බිරිද දරු දෙදෙනා සමග ගමෙන් පිටමං විය. ඇය යාමට පෙර පැවසූයේ “මේ ගම කාලකන්නි ගමක් බවයි.
ඇගේ ප්‍රකාශය ගම්මුන්ට වැටහෙන්නේ දැන්ය. 
         “කෙසේ වෙතත් ගම විනාශ මුඛයට යන හැගීම ගම්මුන්ට දැනුණේ ඉතා හෙමිනි. ටිකෙන් ටිකය.
            ගැටලුවක් ඇති වී ටික දිනකින් එය අමතක වීම මිනිසුන්ගේ ගතියකි. ගමේ ආරච්චිල මිය ගිය පසු පුංචිරාළ ගමේ ආරච්චිල බවට පත්විය. එයද ගමේ විනාශයට හේතු විය. බබෙහාමිට නොදෙවනි පුංචිරාළ සිලිදුගේ පවුලට කෙණෙහිලිකම් රැසක් කළ පුද්ගලයෙකි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මිනිසුන්ට හිරිහැර කරන අයෙක් ලෙස ගම්මු අතර ප්‍රචලිත මොහුට ගම්මු පියක් දක්වති.
             ඉහත සදහන් කරුණු මගින් බැද්දේගම ගම ක්‍රමයෙන් අභාවයට යන අයුරු පාඨකයාට දැනවීමට කතුවරයා උත්සාහ කර ඇත. 
         

Thursday, August 29, 2019

හානා හීය පානා අඩහැරෙන්දැනේ (විචාරය)

උදාහරණ ගෙන හැර පාමින් අපූරු ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුළ වූ හැකියාව පද්‍ය පන්තිය ඇසුරෙන් විමසන්න.

අපූරු ආකාරයට උපදේශ ලබාදීමට ඇති හැකියාව හානා හීය අධ්‍යනය කිරීමෙන්ය පෙනේ.නොවියත් හුදී ජනයා නොයෙක් අත්දැකීම් ඇසුරෙන් රම අත්දැකීම් තුළින් හරවත් ඔවදන් රැසක් ලබාදීමට සමත් වී ඇත. මෙම පද්‍ය එක් පිරිසකට එක් කාලයකට වෙන්කොට දැක්විය නොහැක. පොදු මහත් සමාජයටම වැදගත් උපදේශ රාශියක් ලබාදී ඇත.
                  “ගසට කෙටුම ගස මුල පෑයුමෙන්      දැනේ
                    මිනිහා නොමිනිහා යන කඩිසරෙන්  දැනේ
                    අමුතු බත් දීම අත ඇල්ලුමෙන්         දැනේ
                    හානාහීය පානා අඩහැරෙන්              දැනේ
              මෙම පදය පන්තියෙන් එක් උපදේශයක් නොව උපදෙස් මාලාවක් ලබාදෙයි.අතීතයේ දී ගසක් කපන විට එම ගස වටේ සුදුධ පවිත්‍ර කර ගත යුතුය.නැතිනම් පොරොව ඔසවා ගසට කොටන විට අවට ඇති ගස්වල පැටලී එය ආපසු කැරකී තමාගේ ඇගේ වැදෙනු ඇත.ඒ පිළිබද පළමු පද පේළියෙන් පැහැදිලි වේ.ඒ අනුව යම් වැඩක් කරන විට එයට සූදානම් වීමෙන් එම පුද්ගලයා පිළිබද දැනගත හැකි බව ජන කවියා පවසා ඇත.
              යමෙක් ගමන් කරන විලාශයෙන් ඔහුගේ සමාජ තත්වය තේරුම් ගත හැකි බව ජන කවියා සමාජයට මේ පද්‍ය පන්තිය තුළින් මනා උපදේශයක් ලබි දී ඇත.යමෙක් නිවසට පැමිණි විට ආහාර දීමට අකමැති නම් අමුත්තාගේ වැලමිටෙන් අල්ලා කෑමට අඩ ගසයි.ඒ තුළින් අකමැති බව වටහා ගෙන ඒ අනුව ක්‍රියා කළ හැක. 
              ගොවිතැන් කරන ගොවියා තම වෙහෙස නිවා ගැනීමට තාලයට අඩහැර පායි. නමුදු ආධුනික ගොවියාට හැක්කේ ගවයාම තැලීම පමණි. අඩහැරයක හඩ කුඹුරකින් ඇසේ නම් පළපුරුදු ගොවියන් සීසාන බව වටහා ගත හැකිය.
              “නහින දෙහින කාලෙට පින් කෙරුම   යුත 
                වහින කලට කූරින් විල් වලින්            එත
                බහින දියෙන් දෝතක් මුත් ගතොත්   ඇත 
                පනින රිලවුන්ට ඉනිමං කමක්           නැත
                                                                                                                         බුදු දහමට අනුව වයස්ගත වීමත් සමග සන්සුන් දිවි පැවැත්මත් ගත කළ යුතුයයන අවවාදය මේ පද්‍ය පන්තිය තුළින් ලබාදේ.අධි වැසි කාලයට ජලාශ උතුරා යද්දී මාළුවන් විල්වලින් එළියට විත් තෙත් බිම් කරා ගමන් කරනවිට ඔවුන් විවිධ කරදරවලට මුහුණ පායි.මෙය බාල පරපුරට දුන් අවවාදයකි.බැස යන දියෙන් ප්‍රයෝජන නොගෙන මුහුදට ගලා යාම වළක්වා එම දියෙන් දෝතක් මුත් ගෙන ප්‍රෙයා්ජනයට ගන්නා පණිවුඩය ලබාදෙයි.
            මෙවන් උපදේශ රාශියක් මෙම පද්‍ය පන්තිය තුළින් අපට ලබාගත හැක.

Sunday, August 18, 2019

ගුත්තිල වෙණ නද (විචාරය)

අවස්ථානුකූලව විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් කිරීමට උපයෝගී වූ ආකාරය පැහැදිලි කරන්න

     කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය පද්‍ය 511 කින් සමන්විතවේ.වෑත්තෑවේ හිමියන්ගේ ගුරුවරයා වූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය.වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය රචනා කොට තම ගුරුවරයාට යැවීය.

 එහි විරිත පිළි්බදව විස්තර කළහොත්
      
            ගුත්තිල වෙණ නද පාඩමට අදාළ පද්‍ය 1සිට 13 දක්වා කෙටිපද ආකෘතියට රචනා කර ඇත. මෙම පද්‍යවල පාද හතරෙහි මාත්‍රා ගණන අසමාන වේ. සදැස් කවි වල මෙන් මාත්‍රා ගණන අසමාන වේ.එම අසමාන වන පාද සහිත ගී හදුන්වන්නේ ගී කාව්‍යය යන නමිනි.
               “ගුත්තිල ඇදුරු                      සද
                වීණා වයන ලෙස                  හිද 
                පසෙක පනවන                     ලද
                සුදුසු අස්නෙක ගොසින් උන්    සද
           වෑත්තෑවේ හිමි ද අවස්ථානුකූලව ගැළපෙන ලෙස ගුත්තිලහා මූසිලගේ තරගය පිළිබද විස්තර කිරීමට ගී විරිත භාවිතා කර ඇති බව අපට වටහා ගත හැක.
              “කන්කලු වෙණ නද ඇසුමෙහි     ලොබිනේ
               රන් රසු දැල් කොල්හල වන        බියෙනේ 
               සන්සල  නොව එහි පිළිරූ           ලෙසිනේ
               නන් හය සෙන් සිටියෝ සිටි          මතිනේ  
          14 සිට 32 දක්වා පද්‍ය වෙනත් විරිතකින් රචනා කර ඇත. මෙම විරිත පෙද විරිත නමින් හදුන්වයි. ගුත්තිල ඇදුරු තුමාගේ වීණා නාදයෙන් නැංවෙන කර්ණ රසායනයට බාධා නොකර එයම අස අසා සිටීමට ආශාවෙන් ඊට  බාධා වෙවී,ගෙජ්ජි සෙලවේ යැයි බියෙන් අශ්වයන් යම්තම් වත් නොසෙල්වී සිටිති. 
               “රූ රැසේ අදිනා ලෙසේ අත්
                                     ලෙල දිදී විදුලිය පබා 
                රන්රසේ එක්වන ලෙසේ වෙණ 
                                        නාදනූ පා තබ තබා
               කම්පසේ දෙන සැර ලෙසේ දෙස 
                                 බල බලා නෙතගින් සබා
              මම් කෙසේ පවසම් එසේ වර 
                                සුර ලදුන් දුන් රග සොබා 

                  රූප රාශියක් අදිනා ලෙස විදුලිය ප්‍රබාවන් ඇති කරමින් අත් ලෙළ දි රන් හා රසදිය එක්වන්නා මෙන් වීණා නාදයට පා තබමින් ,අනංගයා මල් හීය විදින්නාක් මෙන් නෙතගින් බල බලා ඒ ආකාරයට උත්තම සුරංගනාවන් දුන්නාවූ රංගනයේ ස්වභාවය මං කෙසේ පවසම්ද යනුවෙන් කවියා පවසා ඇත.පෙර පැවති විරිතට වඩා මෙය වෙනස්ය. මෙම විරිත නූපන් සද නම් විරිතයි.වෑත්තෑවේ හිමි යම් අවස්ථාවල ජාතක කතාවලින් ඔබ්බට යමින් උපමා අලංකාර භාවිතා කරේ විරිත රැක ගැනීමේ අරමුණෙනි.
          ඉහත ආකාරයට ගුත්තිල කාව්‍යය කතුවරයා අවස්ථාවට ගැළපෙන ලසෙ විරිත වෙනස් කිරීමේ ප්‍රතිභාව අපට මනාව හදුනාගත හැකිය.
             
            

සතර කන‍් මන්ත්‍රණය(විචාරය)

මහෟ‍ෙෂධ පණ්ඩිතයන්ග‍ේ‍ උපාය කෟ‍ෙශල්‍යය හ‍ේ‍තුවෙන් ව‍‍ෙ‍ද‍ේහ රාජ්‍යය ආරක්ෂා වූ ආකාරය ...


         


     උම්මග්ග ජාතකය‍ේ ප්‍රධාන චරිතය හ‍ෙවත් වීර චරිතය මහෟ‍ෙෂධ නමැති ‍බ‍ෝසත්තුමාය.ව‍ෙදේහ රාජ්‍යය‍‍ෙහි පිටිසර ගමක ගා‍ෙවි සිටු පවුලක උපන් ‍හ‍ෙතෙම සිය බුද්ධිය‍ේ තරම ප‍ෙන‍්වන්නට පටන්ගන්නා විට වයස අවුරුදු හතක ඔහුග‍ේ උපතත් සමග ම අනාගතය‍ේ ඔහුට අවශ්‍ය සහය පිණිස තවත් දහයක් ද‍‍ෙනා උපත ලැබීය.
         බාල ළමා විය‍ෙදිම නිරැපිත බුද්ධිමත් භාවය ඇසු දුටු එරට රජු මහෟ‍ෙෂධට දරැ ස‍ෙන‍ෙහසින් සැලකුම් දැක්වීය.නා‍‍ෙමෙරැ තරුණ විය‍ෙදිම ඔහු විසදු ත‍ේරවිලි ආකාර වු ප්‍රශ්න  19ක් ගැන කියැව‍ෙයි.අවසානය‍ේ  වෙද‍ේහ රජු මහෟ‍ෙෂධ ‍බෝසතුනට අන‍ෙක් උපද‍ේශකයන්ග‍ෙ විරා්‍ෙධතා නා‍ෙතකා ප්‍රධාන රාජ්‍යය උපද‍ේශක තනතුරට පත් කරයි.මහෟ‍ෙෂධ එතැන් සිට නගර අලුත්වැඩියාව,නගර ආරක්ෂාව,රාජ්‍ය ආරක්ෂාව රජුටත් රටටත් මැනවින් ලබා ද‍ෙමින් ක්‍රියා කළ‍ේය. 
        ම‍ෙ අතර උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජු ඔහුග‍ෙ ක‍ෙවට්ට නම් පුරා්හෙිතග‍ෙ  උපදසේ මත දඹදිව එක් සියයක් රාජ්‍යය ආක්‍රමණය කොට ඒවා පහසුවෙන්ම යටත් කොට අධිරාජ්‍යයක් තනා ගනී.ඉතිරි වූයේ මහෞෂධයන්ගේ රට පමණි. ඒ වේදේහ රජුට නොව මහෞෂධගේ බුද්ධියට බියෙනි. මෙම බුද්ධියට හා ප්‍රඥා මහිමයට බිය පත්වන කේවට්ට ,චූලනී රජු මියුලු නුවර වටලෑම වළක්වන්නේ මෙසේ කියමිනි.
            “දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන් සිටින නුවර ගන්නට නොපොහොසතුම්හ.ඒ පණ්ඩිත වනාහි මෙබදු නුවණ ඇත්තාහ. 
         යනුවෙන් මහෟ‍ෙෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞෂල්‍යය ගැන කේවට්ට වර්ණනා කළේය.මේ වැකිය තුළින් පැහැදිලි වන්නේ කේවට්ට පවා මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥාව හමුවේ බියට පත්වූ බවයි. 
         තම රාජධානියත් ,රටත් බේරා ගැනීමට කටයුතු සූදානම් තරන්නේ බෝහෝ  කලකට පෙරය.ඔහු යෙදූ පළමු උපක්‍රමය වන්නේ තමාගේ චර පුුරුෂයන් හා යෝධයන් බ්‍රහ්මදත්ත රජුගේ සේනාවට එකතු කිරීමයි. ඔවුන් සපයන ‍තොරතුරු මත තම රාජ්‍යය‍ෙ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු සැලසුම් කරයි. එහිදී මියුලු නුවර වටලා සිටින සේනාව අන්ද මන්ද කරවන පළමු සැළැස්ම ක්‍රියාවට නැංවීය. එනම් , නගරයෙහි අණ බෙර ගසා‍ විශාල සාදයක් පවත්වන ලෙස උපදෙස් දීම.
          “පින්වත්නි,තෙපි හැම සතුරෝ වටලා ගත්හයි නොසිතා වස්ත්‍රාභරණයෙන් සැරසී උත්සව පටන් ගනුව.   
        තම රජුගේ බිය පළමුවෙන්ම පහ කොට ,දෙවනුව නුවරවාසීන්ගේ බිය පහකර එයට ප්‍රීතිය සොම්නස ඇතුළත් කිරීම මෙහි අරමුණක් විය. නුවර වැසියන් වසර 07 සිටම මොහුගේ නුවණ දන්නා බැවින් ඔහු කී ලෙසම කළහ. 
         තවද මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞශල්‍යය මනාව ඉස්මතු වන්නේ ,මියුලු නුවර වටලා සිටින සේනාව තුළ සිටින කේවට්ටයා තමාගේ පළමු  යුද්ධ උපාය භාවිතා  කිරීමේදි නුවරට ජලය නැවතීමට ගත් බුද්ධිමත් තීරණය හමුවේ බුද්ධියෙන්ම පිළිතුරු ලබා දීමයි. 
         “මහරජ පැන්නම් පිටතින්ම වන්නේය. කීප දවසක් පැන් නවතාලන්නා පැන් බනොලදත් ප්‍රාන්ත වූවාහු දොර හැර පියන්නාහ.
        මෙම තොරතුරු ලද සැනින් මහෞෂධ ඊට උපාය කෞෂල්‍යය භාවිතා කර හිමාලයෙන් ගෙන්වන ලද ඕලු ඇට හිටුවා මීටර 30ක් දිග ඕලු දණ්ඩ මලක් වවා තම චර පුරුෂයන් අත යවන්නේ නුවර  ඇතුල පිහිටි ජලය පෙන්වීමට පමණක් නොව නුවර තුළ ඇති ජල තටාකවල විශාලත්වය පෙන්වීමටයි.
       යථෝක්ත අයුරින් මහෞෂධ පඩිතුමාගේ උපාය කෞෂල්‍යය හේතුවෙන් වේදේහ රජුගේ රාජ්‍යය ආරක්ෂා කරගත් ආකාරය මෙම කතාව පුරාවට මනාව පැහැදිලි කර ඇත.